මේ මුළු අහස

Me Mulu Ahasa
මේ මුළු අහස මා සතුයි
මේ මහ පොළොව මට නතුයි
ඔබ මා අසල හිඳී නම්
ගහ කොළ ද විල ද ඇළ දොළ
බිඟු කැලද විහඟ සමනළ
මේ සියළු දෙය මගෙයි
ඔබ මා අසල හිඳී නම්
සඳ සිනා සිසී පායා එන්නේ
තරු නිවී නිවී යළි දිඳුළන්නේ
මල් පිපී සැලෙන්නේ ඉන් සුවඳ හමන්නේ
ඔබ මවෙත පැමිණ වගතුග රහසේ
දැනගෙනද කියා නොදනිමි සුහදේ
දොළ රිදී සිනා නැග බැස යන්නේ
රළ හඬා වැටී වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැඳුණු පසුවයි සුහදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී
All songs by නිරෝෂා විරාජිනී