මේ ගඟ මේ දුරු කතර
Me Ganga Me Duru Kathara
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ
මේ විල මේ නිල් දියෙන් පෙනේ
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතුවේ
ඇයි ඔබ ආදර මල පිපුනේ
මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරංජලා සරෝජිනි