කෙදිනද කූඩු හදන්නට එන්නේ

Kedinada Koodu Hadannata Enne
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරංජලා සරෝජිනි
All songs by නිරංජලා සරෝජිනි