මේ අමාවක රැයේ

Me Amawaka Raye
මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා
පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා
සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්
ඇස් අරින්න බලාපොරොත්තුවක් නොව මට
හද ගැහෙන නැවුම් පවන් පොදක් මට නුඹ
ඉතින් මට කියන්න නුඹ ගැන කියන්න
කොයින්ද මට උපමාවක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ
All songs by දයාන් විතාරණ