මේ අඩ සඳම නොවෙද
Me Ada Sandama
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ
මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම්
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ