මවුනි සදා
Mawuni Sadaa
මවුනි සදා වඳින දැත ඔබ කිරිකර පෙවූ
කිරේ බර ගෙවන්නට මා වැන්දත් නිරතුරු
ගුණ යහපත්කම් දන්නා අම්මේ ලොව්තුරු
බුදු බව ලැබු දවසේදීත් මා සිත සනසනු
අපේ පරපුරේ නාමය ගෙනියන්නට පැතූ
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු
සදා දෝත වැඳ නිබඳව ඉල්ලමි මින්මතු
මගෙන් වූ අඩුව අම්මේ අමතක කරලනු
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු
සතුටු කඳුළු හෙලූ බව මට මතකයි පිවිතුරු
මගෙන් පුතෙක් නැති අඩුවත් අමතක කරලනු
ඔබේ මේ පුතා හැමදා ඔබ ළඟමයි මතු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ