මංගලේ නෙත් මංගලේ
Mangale Neth Mangale
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ
සීතලේ ගැහෙනා හදේ මේ
උණුසුමේ සුව දී මවා
නිසසලේ රැඳෙනූ සිනාසී
නොපියඹා උදයේ හවා
දෑසෙ බැල්මයි නීල කැල්මයි
දෑසෙ බැල්මයි නීල කැල්මයි
මත් කරයි තවුසා පවා
මත් කරයි තවුසා පවා
ආදරේ නමැති පොතේහී
මුල් පිටේ රූපේ ඔබයි
ඒ පොතේ ලියැවී තිබෙන්නේ
මා හිතේ ආශා තමයි
කියනු ළං වී බලමු ළං වී
කියනු ළං වී බලමු ළං වී
නැකත පෑහෙනවා සුබයි
නැකත පෑහෙනවා සුබයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි