මං කිරිල්ලියක්

Man Kirilliyak
මං
මේ මං
මං කිරිල්ලියක්
මං කිරිල්ලියක් තමයි
මේ මගේ පිහාටූ
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ
තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුනාටූ
නිල් අහස අයිති අපටයි
ඔව් අත්තටු ඇති අයටයි
මේ ගගන අලුත් ලොවටයි
වැට කඩුළු ලෑම නිවටයි
ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි
තටු කපන්නේ බැරි කමටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී
All songs by නිරෝෂා විරාජිනී