මම ගන්නෙමි කරකාර බන්දාලා

Mama Gannemi Karakaara
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
වලවේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලී
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
ඇය ගෙදරට කැන්දම් එමී
මම එහෙම එනකොට පාර දිගේ මේ
යාළුවෝ එකතුවෙලා
මල් ඉහලා ගී කියලා බෙර ගහලා
අපි දෙන්නම පිලිගන්නේ මග ඉදලා
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කරේ
දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ
මට යතුරත් දිලයි ගියේ
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
නග්ගලා බරබාගේ
මම එන්නමි ඇය කැන්දම්
මගේ මාස්ටර් බලන්නට
රජ පෙරහැර වාගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල