මල් පිපිලා එදා වගෙම
Mal Pipila Eda Wagema
මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ
එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි
කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ