මල් මදහාස

Mal Madahaasa
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ පා සලා
සෙනෙහස පෑවා ලංවීලා
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
ඇය මගෙ ජීවෙ පෙම්ලෝකෙ
එක මඟ ආවෙ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලංවීලා
මුව දැක ඈගෙ මල්වාරේ
බඹරුන් ඒවි සංසාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන්ගේ රුවින් මත් වීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by භාතිය ජයකොඩි
All songs by භාතිය ජයකොඩි