මගෙන් වෙන් වී
Magen Wen Wee
මගෙන් වෙන් වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්
ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ
මතකයෙන් සිඳලන්න විඳගත්
හැඟුම් අප සමසේ
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ
එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
ළඟම ඇති පෙර සේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ