මගෙ ජීවිතේ
Mage Jeewithe
මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ
තව කෙනෙකුන්ගේ
නෙත් සගලේ හසරැල්ලේ
සිතුවේ නෑ දැනුනේ නෑ
ඔබ දකින තුරා
සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ලග ඉන්න සදා
අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ
කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
හිනැහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ලග ඉන්න සදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ