මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
Maage Mathake Obe Ruwa Ande
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල