ලොව සරසන දළු කොළ මල්
Lowa Sarasana
ලොව සරසන දළු කොළ මල්
අපට අයිති නෑ
ගලා බසින ගංගාවල්
අපට අයිති නෑ
සිහිල් සුළං නිල් කඳු වැටි
අපට අයිති නෑ
ඒ නිසාම අපට ඒව වනසන්නට බෑ
වනසන්නට බෑ
උඩින් උඩින් එන හිරු දෙවියෝ
ගහකොළ මල් පුබුදන දෙවියෝ
ඒ උරුමය රකිනා දෙවියෝ
මහ පොළවයි අපගේ දෙවියෝ
ගහක තියෙන මල් කොළ ගෙඩි
අයිති ගහටමයි
ගලා බසින ගඟේ වතුර
අයිති ගඟටමයි
සිහිල් සුළං රැලි කාටත්
හුස්ම පොදමමයි
හානි නොකර එයින් පලක් ගත්තොත් හොඳමයි
ගත්තොත් හොඳමයි
මේ සම්පත් අපි කාටත් ලැබුණේ
වාසනාවටයි
මුතුන් මිත්තො ජීවිතේ වගේ
බලා ගත් නිසයි
ඒ සම්පත්වල අයිතිය ඇත්තේ
අනාගතයටයි
අනාගතේ ලොව බාරගන්න මතු පරපුරටයි
මතු පරපුරටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ