ලප නැති සඳක්
Lapa Nathi Sandak
ලප නැති සඳක් ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
සඳ රැසින් පිපි මලක් වනු මිස
නොපතන්න ඒ සා
පුරහඳක්
ඇද නැති ගඟක් නිල් දියවරක්
ගැලුවාද දී නෙත රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස
නොසොයන්න ඒ සා
ගඟ දියක්
මඩ නැති විලක් මත සියපතක්
පිපුණාද කවදා කොතැනකවත්
රැඳි සුවඳ මුව ලද විඳිනු මිස
නොසොයන්න ඒ සා
සියපතක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ