ළඟ නැති බව
Langa Nathi Bawa
ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
හුදකලාව මේ හිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැණෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා
නෙතු පියාන මා එබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැණෙනවා
ඔබ දන්නෙ නෑ ආදරෙ ගලනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by භාතිය ජයකොඩි