කුසුම් පිපී
Kusum Pipi
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ
ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ
අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ