අකල්හී පියාපත්
Akalhi Piyapath
අකල්හී පියාපත් බිඳී ගිය කුරුල්ලෙකු
ගයන ගී අහන්නට ආවෙහිද කිව මැනව
එකල්හී පියාපත් සවිමත් ව තුබූ සඳ
ඔබේ ලඟ අද වගේ මම උනිමි නොපෙනුනිද
මානයෙන් නෙත් බිඳුනු ස්නේහයෙන් සිත මිදුණු
සරුංගල් ලෝකයේ එදා ඔබ නොදත්තෙමි
ප්‍රේමයෙන් හද පිරී ස්නේහයෙන් සිත බැඳී
ඔබේ හෙවණැල්ල සේ ඔබ ලඟම මම උනිමි
සරුංගල් සිහින ලඟ ජීවිතය හේම වී
මට මගේ හෙවණෑල්ල පවා අද නැත ලඳුනි
නොතැවෙන්න පිය සබඳ විකල් වූ සිත නිවමි
ඔබේ හෙවණැල්ල වී සදා ඔබ ලඟ ඉඳිමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරංජලා සරෝජිනි