කවිකාරියේ
Kawikaariye
උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා
සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ
කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කථා (මායම් කථා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්
උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ කවිකාරිය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by භාතිය ජයකොඩි