කැස්සට කොස් ඇට

Kassata Kos Ata
කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා
හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
වක්කඩ අස්සේ හකුරු හංඟලා
නැතිවෙන හකුරට නාහෙන් අඬලා
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා
උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා
හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා
සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා
සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
නෙරිය තියාලයි සේලය බඳින්නේ
ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා
නෝනට බනිනු එපා
ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලහිරු පෙරේරා
All songs by ලහිරු පෙරේරා