කපා බිම හෙලා

Kapaa Bima Hela
කපා බිම හෙලා ගහකොළ තනා මහ විමන් මිහිමත
පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා
උන්හිටි තැන් නැතිවෙලාද, උන් කල පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා
විඳා අළ නැණින් පිරිසිඳ වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව්ලොවින් බසින දෙවියෝ සුසුම් හෙලනවා
ඇස් අදහා ගන්ට බැරිව, පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා
දිනූවෙද මහා සක්වල ලැබූවෙද මහා සිප්නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා
මිනිස් මහිම අඩුවෙලාද, මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ