කළේ පැන් ඇත
Kale Pan Atha
කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහ කොල සුලඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඞ නැත
සවන් බිහිරිව ගියාදෝ
පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ