කලක් ඇවෑමෙන්
Kalak Awaamen
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටිය මගෙ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කලා
ජිවිතයට සෙනෙහස දැනිලා
ආදරයක සෙවනැලි අතුරා
මා හදවත් විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා
අදර දෙවොලේ සීනු හඩින්
මා සිත ඔබ වෙත කැදවනවා
සිතල මිදුම් සෙල ඉරා
ගත දවටගෙන මා එනවා
ගානයන : ඇන්ජලීන් ගුණතිලක / මිල්ටන් මල්ලවආරච්චි
තනුව :
ගී පද :
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක