කැලෑ මල් පිපෙයි

Kalaa Mal
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ
සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි
ලඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ