ජීවිතය නම් කිමැයි
Jiwithaya Nam Kimayi
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකල උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
ඉසුරු සුව රස පහස හැරදා
කටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත වතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්
පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙලි කරන්නට
ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ