ඉවසයිද මන්දා
Iwasayida Manda
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්
ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්
මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි