ඉස්සර නම්
Issara Nam
ඉස්සර නං මේ නාදෙ ඇහෙන කොට
ඔල්වරසන් හඞ දුන්නේ
මහත්වරුනි ඒ සර්පිනාවමයි
ඇයි දැන් අහක බලන්නේ
වේදිකාව උඩ තබ්ලා මැන්ඩලින්
මැද්දේ රජවී උන් සැටියා
රූකඩ මඩුවේ නාඩගමේ
මගෙ සර්පිනාව මුලටම සිටියා
දන මන පිනවූ රාග තාල මයි
තවමත් ගුවනේ රැව් දෙන්නේ
ඒත් අනේ මේ සර්පිනාව ගැන
තවමත් නැහැ හරිහැටි දන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ