හිත මා සොරාගෙන

Hitha Maa Soraagena
හිත මා සොරාගෙන ගියේ
ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර
හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ
නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි
වසත් කල යෞවනියේ
දුර ඈත ගං තෙරේ
සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් මතකයි රැඳුන නෙතඟේ
එවන් සැන්දැ කලේ
විලෝතුරු මං පෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ දැස සැලුවේ
දෑල වැල් පාලමේ
හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ
එවන් සැන්දැ කලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ
All songs by දයාන් විතාරණ