හවසට පායා

Hawasata Paayaa
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ
රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ග්‍රේෂන් ආනන්ද
All songs by ග්‍රේෂන් ආනන්ද