හත් මුහුදින් එපිට
Hath Muhudin Epita
හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ
ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුනගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්ඩ
වැව් බිඳ රන් කොත බිම ලා
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ
යෝධ කඳු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්ඩ
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොබහින පොළොව වටේ
කතිර කොඩිය ලෙල දෙවන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ
සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්ඩ
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා
පය පාමුළ වාල් වෙන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ
හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ
අදත් එනව රට කරන්ඩ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ