හඬවන්න මා

Handawanna Maa
හඬවන්න මා
රළ බිඳෙන සයුර සේ
රිදවන්න මා
පෙති සිඳින කුසුම සේ
මට සැපතකි ඒ
ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ
මුළු තිස් පැයේ මග බැලූ නෙතඟිනි
රෑ තිස් පැයේ සිත වැදී ලැව්ගිනි
හිස අත තැබූ පෙම තෙමා කඳුලෙනි
උන් මට අනේ
ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ
ගිරිකුල ඔබයි මා සුළං රැල්ලකි
වනපෙත ඔබයි වන මලකි මා තනි
සැඩ හිරු ඔබයි පිනි පොදකි මා රැඳී
ඇයි හිමියනේ
ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරංජලා සරෝජිනි
All songs by නිරංජලා සරෝජිනි