ගිම්හානේ හද නිවුනා

Gimhane Hada Niwuna
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
සුදු සඳ වියනේ අංජන අරනේ තාරකා මල් තුරුලේ
ලා හිරු කිරනේ දේදුණු සෙවනේ සිත් යාවෙන මංගල්ලේ
ජීවන තොටුපල සොයා ඇදෙනතුරු ආදරයේ රන් නෞකා
ඈතට ඉඟිලෙන සුදු පරවියෙනේ ආසිරි ගීතය ගයනා
පෙරඅත් භවයක බලාපොරොත්තුව මේ භවයේ හමුවූවා
නෙතුසර අංජන තොල්පෙති රංගන හෙට දවසක් ගැන සිතුනා
පුරුදු හිනාවට කැකුළු කතාවට අශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි පවනෙ සැනකෙලී ආදරයට සුභපැතුවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක