ගමන දුර නිසයි

Gamana Dura Nisayi
ගමන දුර නිසයි සිව්පද කියන්නේ
වෙහෙස මඟ හැරෙයි ඇඟපත නිවන්නේ
නොකියන් කවිය ඔය ගොරහැඞි හඞින්නේ
මොකටද ගොනුන් කලබල කර හරින්නේ
කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි
මා දන්නේ කීමට පමණයි
කවදා මුත් මම ගායකයෙක් වී
නුඹලා හැම පරදනවාමයි
එහෙම වුණොත් නම් බොහොම අගෙයි
මේ ගමන් වලට හරි ප්‍රයෝජනයි
ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා
දුවාත් නොහිතම සත්තයි
පවා දුවාත් නොහිතම සත්තයි
ඕ හරි ගායකයා
කියපන් කියපන් උඹ හරි රුසියා
ඔ රුසියා උඹ හරි රුසියා
ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ
හිතන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
අපි දෙන ප්‍රීතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
කිසිදා කිසිවිට නැති නොම වේ
දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි
අප සතු වස්තුව සමගිය වේ
එය සොරකම් කර ගන්ට අපෙන් හෙම
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
ඕ අපි ගායකයෝ
කියමු කියමු අපි හැම රුසියෝ
ඔ රුසියෝ අපි හැම රුසියෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආනන්ද සමරකෝන්
All songs by ආනන්ද සමරකෝන්