අක්කේ අක්කේ අර බලන්නකෝ

Akke Akke Ara Balannako
අක්කේ අක්කේ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්නේ
සුළං තදයි
විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහා වළාකුලක් මේ එන්නේ
අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ
අම්මත් අර නාගෙන එන්නේ
මල්ලි තවම කුඹුරේ
නංගි සුදෝ මගෙ අඬන්නෙපා
අම්මා හනික දැන් එයි
බිල්ලෝ නොවෙයි ඔය ගොරවන්නේ
අහසේ හෙණ නාදේ
අක්කේ දර ටික ගෙට ගනිමූ
වැහි පොද වැටෙනවනේ
වතුරත් ඉවරයි කළ ගෙඩියේ
හනික ළිඳට යමුකෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආනන්ද සමරකෝන්
All songs by ආනන්ද සමරකෝන්