බැස සීතල ගඟුලේ

Basa Seethala Gangule
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ
හඳපානේ හඳපානේ
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ
සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී
හඳපානේ හඳපානේ
සමනල කන්ද පෙනේ කදිමට හඳ එලියේ
හනිකට බසිමු නගෝ නාමු නාමු ගිළෙමින ජලයේ
හඳපානේ හඳපානේ
මානෙල් ඕලු නෙළුම් පිපිලා යසයි යසයි
නෙළමින පීනමුකෝ ප්‍රීති ප්‍රීති වෙමින බෝ ලෙසේ
හඳපානේ හඳපානේ
ජලයේ ගිළී මෙසේ පිරිසිදු වෙමුකො නගෝ
අළුයම වඳින ලෙසින සාදු සාදු ඒ මුනි සිරිපා
හඳපානේ හඳපානේ
නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින්
එ සමන් දෙවි පිහිටෙන් යාමු යාමු අපි හිමිදිරියේ
හඳපානේ හඳපානේ
හිඳිමු ද මෙහිම නගෝ පොඩි පැල්පතක් තනා
හැමදා වඳිනට හැක සාදු සාදු ඒ මුනි සිරිපා
හඳපානේ හඳපානේ
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආනන්ද සමරකෝන්
All songs by ආනන්ද සමරකෝන්