ගගන සරනා

Gagana Sarana
ගගන සරනා සියොතුනේ
සොයා තුරු සෙවණක්
බලන් මිනිසුන් වැලපෙනා
බලන් මිනිසුන් වැලපෙනා බිම
පතා දිය කඳුලක්
ගගන සරනා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවනක්
ගතින් සියොලඟ වසා සිහිලස දී
නිවා කුසගිනි නැවුම් රස පල දී
මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ
නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඞන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ මේ බලන් මිහිතල හැරගියා දෙවියන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ