එපා යලි හමුවන්න

Epa Yali Hamuwanna
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුමවූ වේදනා කඳුළු ගඟ
හිරු සිනා සෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජිවන සුවද අරන් ඈතට යන්න
සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුළු බිදුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුන සොහොන ලග
ඔබ මවෙත තිළිණකල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ