එක දවසක් හැන්දෑවක

Eka Dawasak Handaawaka
එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්
සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි
All songs by අතුල අධිකාරි