දුකම විඳින්නට
Dukama Windinnata
දුකම විඳින්නට දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ
මිහිතලයේ දෙවියෝ
උණු දිය කහටින් දෙතොල තෙමා
රළු කළු ගල් වැලි සිරස දරා
සෙවනක් නැතිවද ගතට සෙවන දී
පලංචියේ වඩිනා
මිහිතලයේ දෙවියෝ
හුණු වැලි ගින්නේ පැලුණු දෙපා
මලින් ගඳින් පුදදී බැති පා
පින් ලැබ ගන්නට සැදෙවු පෙළින් පෙළ
අප රකිනා දෙවියෝ
හිණි පාමුල වැඩියෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ