දිය පොදක් වෙමින්

Diya Podak Wemin
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් කුමරියේ කුමටද සැලෙන සිතිවිලී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල
All songs by එච් ආර් ජෝතිපාල