දිනෙක රන් සළු පළදා

Dineka Ran Salu Palanda
දිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ
පෙම් දෝලාවෙන්
ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු
වියළි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිඳවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙනතුරු සියොළඟ කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි