දෙනෝදහක් ගැවසෙන සරසවියේ
Denodahak Gawasena
දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්
ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ
ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි