දෙදෙනා පෙරදා

Dedena Perada
දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා
දිගු කාලයක් ගෙවී ගියේ
එක මොහොතක් ලෙසින්නේ ළඳේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කියූ දේ ඊයේ වුණා නම්
අද ඊයේ වේවී ළඳේ
ඔබ ආදරෙන් සිනාසුනත්
අද අලුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ළඟින් මිහිරියේ
අසනු සමා වී ආයේ පමාවී
කිසිදාක නොයෙනූ ළඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මර්වින් පෙරේරා
All songs by මර්වින් පෙරේරා