දළින් අනින පයින් මඩින

Dalin Anina
දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු
අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා
කරඞුව ගෙන යනවා
දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා
අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගව දෙන
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා
නින්දා රළු බස් පහරින සසල නොවී නිසසල වන
අන්න බලන් දැමුණු දනා
නෙත රසඳුන් වෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ