දළඳා හාමුදුරුවනේ

Dalada Hamuduruwane
දළදා හාමුදුරුවනේ ඇසල පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ
පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි
මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුලඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ