දෑවැදි දෙන්නට
Daawadi Dennata
දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ
විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ
රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ