දෑසේ මාගේ සැතපෙනා
Daase Maage Sathapena
දෑසේ මාගේ සැතපෙනා
ආදරේ වේදනා
කැලති කැලති එයි කඳුළු උරුම වෙයි
අද විසිතුරු නෑ ජීවේ
දෑසේ මාගේ සැතපෙනා
මල් මල් රටකය ඔබ මා කැඳවා ආවේ
රන් කුසලානෙනි පෙම් මදිරා ඔබ පෑවේ
ආදර තාලෙනි ආදර ගීතය කීවේ
සිනාවෙන් කඳුලැලි පිරි රටකය ඔබ මා හැරලූවේ
මීවිත පුරවා දී දෙතොලින් පොඟවාලා
ආදර කැල්මෙන් මා උණුසුම් කරවාලා
තුරුලට ගනු මැන යළි මා සිප සනසාලා
දයාවෙන් සදහට ඔබ මාගේ කියා පවසාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක