දෑස් අග පිපී දිලිසෙන
Daas Aga Pipi Dilisena
දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන
ආදරේ සොයා
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි
ආදරේ කියා
ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ
අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා
ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ඔබ මගේ නිසා
අදත් ආකහේ දුරකින් හැංගිලා බලයි පුර හඳ
ඒ ඔබයි බලා සැනසුණු අතීතේ කතා
ඈතකට ගිහින් හැංගෙයි ඔබ මගේ ළඟින් හිනැහෙයි
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
සදාකල් නිසා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද