ලොවේ වෙසෙන
Lowe Wesena
ලොවේ වෙසෙන හැම සතුනටම
බුද්ධං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
ධම්මං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
සංඝං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
මේ තුන් සරණේ සරණයි සරණයි
දොහොත් මුදුන් දී වැන්දා
පසඟ පිහිටුවා වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා
සසර කතර අතරමංව
හසර නොදැන සිටි සතුනට
විතර නොමැති කරුණාවෙන්
යහ මග පෑවා
ගුණෙන් පිරුන පිනෙන් පිරුන
මහා ගුණවතා
මහා පින්වතා
දොහොත් මුදුන් දී වැන්දා
පසඟ පිහිටුවා වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා
දුකට පෑව දයා ගුණේ
සැමට පෑව එක සම සේ
දුකට පිහිට වී සැමගේ
සෙත සැලසූවා
ගුණෙන් පිරුන පිනෙන් පිරුන
මහා ගුණවතා
මහා පින්වතා
දොහොත් මුදුන් දී වැන්දා
පසඟ පිහිටුවා වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සේනානායක වේරලියද්ද